තාත්තා ගෙදර ඇවිත්…
ඇඳන් හැඩවැඩ කලු කබායක් දමාගෙන කරේ ටයි එකක්… රූං කියලා කාර් එකකින් යන්න රස්සාවක් නැතේ…. දවල් වරුවට කන්න කියලා අම්මා දුන්නේ බත් පුතේ … අලයි සම්බෝලයි බතුයි කෑවෙ මන් හිතකින් නොවේ... හවස ගෙදරට එද්දි තේ එක ළඟට අවේ නෑ පුතේ … අම්මා තව නෑ නියිට් ඩියුටි ද උඹට කිව්වද මගෙ පුතේ…. ලොක්කි කෝ දැන් කොහෙද බලපන් පොඩ්ඩි අඬනවා කාමරේ.... අක්කා තාමත් කියවනවදෝ බැන්නෙ මන් හිතකින් නොවේ…. අතේ සතේ නෑ වැඩක් හෙට නෑ කරුමෙ අපෙ මේ මගෙ පුතේ.... රන්මසු පටපිළි අප හා උරණ නැත එනමුත් ගන්න හැකියාවක් මෙමට නැත…. සමන් පිච්ච කැකුළිගෙ රුව යසට ඇත හිතට බයයි කලු දෙබරුන් හතර වට.... දුප්පත් අපිට නැති හින්දා වරදිනවා පොතේ අකුරු උඹ දිහාට හිනැහෙනවා …. මගේ හීනෙ ගෙයි මුල්ලෙම මියැදෙනවා ඒත් පුතේ උඹ දවසක රජ වෙනවා….
සංකල්පනාව ;
නුවනි සඳලංකා
No comments:
Post a Comment