මිනිසුන්.....
දුම්රියේ ,බස්රියේ
මඟතොටේ , කඩපිලේ
බැලූ බැලූ
සෑම අත
මිනිසුන්ය ...මිනිසුන්ය ...
හිස මුහුණු අත පයද
විළි වැසුණු සළු පිළිද
ගත වැසුණු ආභරණද
මේ සියල් සපිරි රුව
මිනිසුන්ය …… මිනිසුන්ය …..
එකිනෙකා පරයමින්
ඇනකොටා ගනිමින්ද
වහසිබස් දොඩමින්ද
තණ්හාව පොඳි බඳින
මිනිසුන්ය ….. මිනිසුන්ය …..
ආදරය කරුණාව
හඳපුරා දරාගත
උනුන් සැම හා
සෙනෙහසින් බැඳගත්
මිනිසුන්ය ….. මිනිසුන්ය …..
මේ සැවොම සැබෙවින්ම
මිනිස් වෙස් රුව දැරූ
සැබෑ ලෙසම
මිනිසුන්ද ……????????
සංකල්පනාව : නිපුනි නිශාදිනි
No comments:
Post a Comment